අපස්මාරය

අපස්මාරය ඇති පුද්ගලයන්ට වලිප්පු තත්ත්වයන් ඇතිවීම අවම කරගැනීම හෝ සම්පූර්ණයෙන් නැති කර ගැනීම සඳහා ප්‍රතිකාර උපයෝගී වේ ප්‍රතිකාර වල ඇතුළත් වන්නේ:

  • ප්‍රති අපස්මාර ඖෂධ ලෙස හඳුන්වන ඖෂධ(AEDs)
  • වලිප්පුව ඇතිවීමට හේතුවන මොලයේ කුඩා කොටසක් ඉවත් කිරීමට සැත්කමක් සිදු කිරීම
  • වලිප්පු අවස්ථාවන් පාලනය කිරීමට දායක වන කුඩා විද්‍යුත් උපකරණයක් ශරීරයට ඇතුල් කිරීමේ ක්‍රියාවලිය
  • වලිප්පුව පාලනයට දායක වන විශේෂ ආහාර වේලක්(කීටෝජෙනික ආහාර වේල) ලබා දීම

සමහර පුද්ගලයන්ට ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. නමුත් කාලයත් සමඟ වලිප්පුව නැති වී ගියහොත් ඔබට ප්‍රතිකාර නැවැත්විය හැක. ඔබ වලිප්පුව ඇති කිරීමට දායක වන සාධක හදුනන්නේ නම් සහ ඒවා වලක්වා ගත හැකි නම් ප්‍රතිකාර අවශ්‍ය නොවේ. පවතින ප්‍රතිකාර හා ඔබට වඩාත් ගැලපෙන ප්‍රතිකාරය ඔබගේ විශේෂඥ වෛද්‍යවරයා සමග කතාබහ කර ගන්න.

ප්‍රති -අපස්මාර ඖෂධ (AEDs)

AED යනු වඩාත් සුලභ ලෙස අපස්මාරයට ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබන ඖෂධයි. මෙය පුද්ගලයන් 70% කගේ පමණ වලිප්පු තත්ත්වයන් පාලනය කරයි. AED ප්‍රතිකාර ක්‍රියාත්මක වන්නේ මොළයේ රසායනික ද්‍රව්‍ය ය මට්ටම් වෙනස් කිරීමෙනි. ඒවාට අපස්මාරය සුව කළ නොහැකි නමුදු වලිප්පු තත්ත්ව ඇතිවීම ඇති වීම නැවැත්විය හැක. **AEDs වර්ග > AED වර්ග බොහොමයක් පවතී. පොදු වර්ග වන්නේ:

  • සෝඩියම් වැල්ප්‍රොඒට් (sodium valproate)
  • කාර්බමැසිපින් (carbamazepine)
  • ලැමොට්‍රිජින් (lamotrigine)
  • ලෙවටිරාසිටම් (levetiracetam)
  • ඔක්ස්කබේසිපින් (oxcarbazepine)
  • ඊතෝසුසිමයිඩ් (ethosuximide)
  • ටොපිරමේට් (topiramate)

වඩාත් ගැලපෙන වර්ගය තීරණය වන්නේ ඔබට ඇතිවන වලිප්පු වර්ගය, ඔබගේ වයස හා ඔබ දරුවකු අපේක්ෂා කිරීම වැනි තත්ත්ව මත ය. සමහර AED මගින් නූපන් දරුවාට හානි විය හැක-වැඩිදුර විස්තර සදහා අපස්මාරය සමග ජීවත් වීම බලන්න. ඔබේ වෛද්‍යවරයා විසින් AED නිර්දේශ කරන්නේ නම් පවතින විවිධ වර්ග පිළිබඳ හා ඔබට වඩාත් ගැලපෙන වර්ගය පිළිබඳ ඔහුගෙන් විමසන්න. AED ලබා ගැනීම AED විවිධ ආකාර ගණනාවකින් පවතින අතර ඒවා නම් පෙති, කරල්, දියර හා සිරප් වර්ග යි. ඔබට සාමාන්‍යයෙන් ඖෂධ දිනපතා ලබා ගැනීමට සිදුවේ. ඔබේ විශේෂඥ වෛද්‍යවරයා විසින් ප්‍රථමයෙන් ඔබට අඩු මාත්‍රාවක් දෙන අතර වලිප්පුව නවතින තුරු මාත්‍රාව ක්‍රමයෙන් වැඩි කරයි. ඔබ භාවිතා කළ පළමු ඖෂධ වර්ගය ක්‍රියාත්මක වූයේ නැත්නම් වෛද්‍යවරයා විසින් වෙනත් වර්ගයක් නියම කරයි. මෙම ඖෂධ(AED) භාවිතයේ දී එය භාවිතා කරන්නේ කුමන අවස්ථාවේදී ද, කොපමණ භාවිතා කළ යුතු දැයි යුතු යැයි උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. කිසිදිනක AED ලබා ගැනීම එකවර නොනවත්වන්න-එසේ කිරීමෙන් නැවත වලිප්පුව ඇතිවිය හැක. ඔබට වසර කිහිපයකින් කිහිපයකින් වලිප්පු තත්ත්වය ඇති වී නොමැති නම්, ඔබට ප්‍රතිකාර නැවැත් විය හැකිදැයි වෛද්‍යවරයාගෙන් විමසන්න. ඔවුන් එය ආරක්ෂිත යැයි සිතන්නේ නම් ඔබගේ මාත්‍රාව කාලයත් සමඟ අඩු කරනු ඇත. AED භාවිතා කරන අතර තුර, එදිනෙදා අවශ්‍යතාවන්ට භාවිතා කරන(හිසරදයට, හන්දි අමාරුවට) හෝ අනුපූරක ඖෂධ වැනි ඕනෑම ඖෂධයක්, ඔබගේ වෛද්‍යවරයාගේ නිර්දේශයකින් තොරව භාවිතා නොකරන්න. අනෙකුත් ඖෂධ මගින් ඔබගේ AED ඖෂධවල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කල හැක. අතුරු ආබාධ AED ඖෂධ භාවිතය ආරම්භ කළ විට අතුරු ආබාධ ඇතිවීම සාමාන්‍ය වේ. සමහර ඒවා ප්‍රතිකාර ආරම්භ කළ විගස ඇතිවී දින හෝ සති කීපයකින් මගහැරී යන අතර සමහර අතුරු ආබාධ සති කීපයක් යන තුරු ඇති නොවේ. ඔබට ඇති විය හැකි අතුරු ආබාධ ඔබ ගන්නා ඖෂධ මත රඳා පවතී. සාමාන්‍යයෙන් AED මගින් සුලභව ඇති වන අතුරු ආබාධ වන්නේ:

  • නිදිමත ගතිය
  • ශක්තිය හීන වීම
  • කලබලකාරී ස්වභාවය
  • හිසරදය
  • ශරීරයේ ඇති වෙන පාලනය කරගත නොහැකි කම්පන (ගැස්ම)
  • කෙස් ගැලවී යාම හෝ අසාමාන්‍ය හිසකෙස් වර්ධනය
  • විදුරුමස් ඉදිමීම
  • කුෂ්ඨ -ඔබේ සමෙහි සමේ කුෂ්ට ඇති වුවහොත් වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. එයින් අදහස් විය හැක්කේ ඔබට එම ඖෂධ සඳහා දැඩි ආසාත්මිකතාවක් ඇති බවයි

ඔබ මත් වූ විටෙක මෙන්, අස්ථායි බවත්, මනස එකඟ කරගත නො හැකි වීම, වමනය යාම වැනි ඇති වන ලක්ෂණ ඇති වන්නේ නම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. මෙයින් අදහස් වන්නේ ඔබගේ මාත්‍රාව ඉතා ඉහළ බවයි. ඖෂධයෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ වල විස්තර ලබා ගැනීම සදහා, එය සමඟ පැමිණෙන අත් පත්‍රිකාවේ ඇති විස්තර බලන්න.

මොළයේ සැත්කම් සැත්කමක් මගින් මොළයේ කොටසක් ඉවත් කිරීම විකල්පයක් විය හැක්කේ:

  • AED මගින් ඔබ ගියේ වලිප්පුව තත්ත්වය පාලනය නොකිරීම
  • විශාල බලපෑමක් එල්ල නොකර සැත්කමකින් ඉවත් කළ හැකි මොළයේ කුඩා කොටසක ඇති ගැටලුවක් මගින් වලිප්පුව ඇති කරන්නේ යැයි පරීක්ෂණ මගින් තහවුරු වුවහොත්

මෙම අවස්ථාවලදී, සැත්කමින් පසු ඔබගේ වලිප්පු තත්ත්ව සම්පූර්ණයෙන්ම නැති වී යාමේ ලොකු හැකියාවක් ඇත. සැත්කමට පෙර පරීක්ෂණ AED වර්ග කිහිපයක් භාවිතා කළද, අපස්මාරය පාලනයට කර ගැනීමට නොහැකි වුවහොත් ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබව අපස්මාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර සැත්කමක් සිදු කළ හැකි දැයි හැකි දැයි පරීක්ෂා කිරීමට නිර්දේශ කරයි. මෙය සාමාන්‍යයෙන් පරීක්ෂණ කීපයකින් යුක්තවේ. ඒවා නම්:

  • මොළයේ ස්කෑන් පරීක්ෂණ
  • electroencephalogram (EEG )පරීක්ෂණය – මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂණයක්
  • ඔබගේ මතකය, ඉගෙනුම ඉගෙනුම් හැකියාව හා මානසික සෞඛ්‍යය පිළිබඳ පරීක්ෂණ

මෙම පරීක්ෂණවල ප්‍රතිඵල මඟින් ඔබට හා ඔබගේ වෛද්‍යවරයාට සැත්කමක් සිදු කිරීම විකල්පයක් දැයි හා එම සැත්කම් ප්‍රතිඵල පිළිබඳව තීරණයකට පැමිණිය හැක. සැත්කම අවස්ථාවේ දී සිදු වන්නේ මොනවාද අපස්මාරය සඳහා සැත්කම් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ නිර්වින්දනය යටතේ දිය. එනම්නි ඔබ එහිදී නින්දේ සිටී. ශල්‍ය වෛද්‍යවරයා විසින් ඔබගේ හිස් කබලේ කුඩා කැපුමක් ඇති කර ඔබගේ හිස්කබල තුළට විවරයක් ඇති කරයි. එමගින් ඔවුන්ට බලපෑම් එල්ල කළ මොළයේ කුඩා කොටස ඉවත් කළ හැකිය. ඔබේ හිස් කබලෙහි විවෘත කළ ස්ථාන සැත්කම අවසානයේ දී වසා දමනු ලබයි. සුව වීම සහ අවදානම් තත්ත්ව සැත්කමින් පසු ඔබට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමට සති හෝ මාස කිහිපයක් ගත විය හැක. වලිප්පු තත්ත්වය එක්වරම නොනවතින අතර එ නිසා ඔබට අවුරුද්දක් හෝ දෙකක් දිගටම AED භාවිතා කිරීමට සිදුවේ. ඔබට මතකයෙහි, මනෝභාවයේ හෝ දෘෂ්ටියේ ගැටලු ඇතිවීම වැනි සංකූලතා සැත්කමින් පසු ඇති වීමේ අවධානමක් ඇත. මෙම ගැටලු කාලයත් සමඟ නැති වී යා හැකි අතර සමහර අවස්ථාවලදී ඒවා ස්ථිර විය හැක. සැත්කමට පෙර, ඇතිවිය හැකි අවදානම් තත්ත්ව පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා සමඟ අනිවාර්යයෙන් සාකච්ඡා කරන්න.

වෙනත් පටිපාටි

AED මගින් ඔබගේ වලිප්පු තත්ත්වය පාලනය නොකරන්නේ නම් හෝ ඔබට මොලයේ සැත්කමක් කිරීම නුසුදුසු නම්, ඒ සඳහා උපකාරීවන වෙනත් පටිපාටීන් ඇත. වේගස් ස්නායු උද්දීපනය (VNS Vagus nerve stimulation) වේගස් ස්නායු උද්දීපනය (VNS) එහිදී පේස් මේකර් (pacemaker) යට සමාන කුඩා විදුලි උපාංගයක් ඔබගේ පපුවේ සමට යටින් තැන්පත් කරනු ලබයි. මෙම උපාංගය ඔබගේ සමට යටින් යන වයරයකට සම්බන්ධ කර ඇති අතර එමගින් ඔබගේ බෙල්ලෙහි ඇති වේගස් ස්නායුවට එය සම්බන්ධ කරයි. විද්‍යුත් ධාරා වයරය ඔස්සේ ස්නායුවට යවනු ලබයි. මෙහිදී මොළයේ විද්‍යුත් සංඥා වෙනස් කිරීම මගින් වලිප්පු තත්ත්වය පාලනය කළ හැකි බවට සිතනු ලබයි. VNS මගින් වලිප්පුව ඇති වීම සම්පූර්ණයෙන් නො නවතින අතර එමගින් එහි බරපතළ තත්ත්වය හා නිරන්තරයෙන් ඇතිවීම අඩු කළ හැකිය. නමුත් තවමත් ඔබට AED ලබා ගැනීමට සිදු වේ. VNS උපකරණය ක්‍රියාත්මක කළ විට ඇති වන අතුරු ආබාධ වන්නේ කටහඬ ගොරෝසු වීම, උගුරේ අමාරුව සහ කැස්ස ඇතිවීම යි. මෙය සාමාන්‍යයෙන් සෑම මිනිත්තු පහකට පමණ වරක් ඇති වන අතර තත්පර තිහක් පමණ පවතී. VNS උපකරණයෙහි බැටරිය සාමාන්‍යයෙන් අවුරුදු දහයක් පමණ පවතින අතර ඉන්පසු එය වෙනත් ක්‍රියාවලියක් මගින් ප්‍රතිස්ථාපනය කළ යුතුය. ගැඹුරු මොළයේ උද්දීපනය (DBS) ගැඹුරු මොළයේ උද්දීපනය (DBS) VNS ක්‍රියාවලිය ට සමාන වේ, නමුත් මෙහිදී පපුවේ තැන්පත් කරන ලද උපකරණය කෙලින්ම මොළයට ගමන් කරන වයර් වලට සම්බන්ධ කර ඇත. විද්‍යුත් ධාරා මෙම වයර් ඔස්සේ ගමන් කර මොළයේ විද්‍යුත් සංඥා වෙනස් කිරීමෙන් වලිප්පු තත්ත්වය පාලනය කිරීමට දායක වේ. DBS යනු තරමක් අලුත් සාමාන්‍යයෙන් නිතරම භාවිතා නො කරන ක්‍රියාවලියකි. ඒ නිසා එය අපස්මාරය සඳහා කෙතරම් ඵලදායි දැයි පැහැදිලි නැත. එමගින් බරපතළ අවදානම් තත්ත්ව ඇති විය හැක. ඒවා නම් මොළයට ලේ ගැලීම, මානසික අවපාතයහා මතකයේ ගැටලු ඇතිවීමයි. ඔබගේ වෛද්‍යවරයා විසින් මෙය විකල්පයක් ලෙස යෝජනා කරන්නේ නම්, ඔබ ඔහු සමග අනිවාර්යෙන් ඇති විය හැකි වාසි සහ අවදානම් තත්ත්ව පිළිබඳ සාකච්ඡා කරන්න.

කීටෝජෙනික අහාර වේල (Ketogenic diet)

කීටෝජෙනික අහාර වේල යනු මේද වැඩියෙන්, හා කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන අඩුවෙන් අඩංගු ආහාර වේලකි. කුඩා දරුවන්ගේ, මොළයේ රසායනික ද්‍රව්‍යවල මට්ටම් වෙනස් වීමෙන් වලිප්පු තත්ත්වයන් ඇති විය හැකි බවට සිතනු ලබයි. එය AED ප්‍රතිකාරවලට ප්‍රථම අපස්මාරය සදහා වූ ප්‍රධාන ප්‍රතිකාරයකි, නමුත් එය වැඩිහිටියන් සඳහා විශාල වශයෙන් භාවිතා නොවූයේ දියවැඩියාව හා හෘදයාබාධ වැනි බරපතළ රෝග තත්ත්ව අධික මේදය සහිත ආහාර වේල් මඟින් ඇතිවිය හැකි බැවිනි. නමුත් AED මගින් පාලනය කළ නොහැකි වලිප්පු තත්ත්ව ඇති දරුවන් සඳහා සමහර අවස්ථාවේදී කීටෝජෙනික ආහාරවේල් නිර්දේශ කරනු ලබයි. එලෙස භාවිතා කරනු ලබන්නේ, එමගින් සමහර දරුවන්ගේ වලිප්පු තත්වයන් අවම කර ඇති බව පෙන්නුම් කරන බැවිනි. එය සාමාන්‍යයෙන් භාවිතා කළ යුත්තේ අපස්මාර විශේෂඥයින්ගේ හා ආහාර වේල් පිළිබඳ විශේෂඥයකු ගේ අධීක්ෂණය යටතේ පමණ දීය.

අනුපූරක චිකිත්සාවන්

සමහර අපස්මාරය සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක වන්නේ යැයි හැඟෙන අනුපූරක චිකිත්සාවන් කිහිපයක් පවතී. නමුත් වෛද්‍ය අධ්‍යන වලදී ඒවා මගින් වලිප්පු තත්ත්ව හොඳින් අඩු කරන බවක් පෙන්නුම් කර නොමැත. එනිසා ඔබ ඔබගේ විශේෂඥ වෛද්‍යවරයාගේ හෝ වෛද්‍යවරයාගේ උපදෙස් නොතකා වෙනත් කෙනෙකුගේ උපදෙස් මත ඖෂධ නවතා හෝ අඩුකර වෙනත් ප්‍රතිකාර භාවිතා කිරීමේදී ප්‍රවේසම් විය යුතුය. වෛද්‍ය අධීක්ෂණයකින් තොරව ප්‍රතිකාර නැවැත් වීම නිසා නැවත වලිප්පු තත්ත්ව ඇති විය හැක. ඖෂධ පැළෑටි භාවිතා කිරීමේදී ප්‍රවේශම් විය යුත්තේ ඒවායේ අඩංගු අමුද්‍රව්‍ය අපස්මාර ඖෂධ සමග අන්තර්ක්‍රියා කළ හැකි බැවිනි. අපස්මාරය ඇති සමහර පුද්ගලයන්ට මානසික පීඩනය නිසා වලිප්පු තත්ත්ව ඇති විය හැක. මානසික ආතතිය අඩු කිරීමට මනස ලිහිල් කිරීමට යෝගා සහ භාවනා කිරීම වැනි චිකිත්සාවන් උපකාරී විය හැක.